යාපනයේ ජන්ද පෝස්ටර් ඇලවූ දෙ.ජා.ස. ආධාරකරුවන් අත්අඩංගුවට

යාපනයේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇලවූ දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන ආයතන අපේක්‍ෂකයෙකුගේ ආධාරකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අද අළුයම පොලිස් මුර සංචාරයේ යෙදී සිටියදී යාපනය හින්දු බාළිකා විදුහල අසල පෝස්ටර් අලවමින් සිටි එම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top