මත්ද්‍රව්‍ය උදවුර පිටුදැකීමේ මෙහෙවර අගයමින් ජනපතිට ජාත්‍යන්තර සම්මානයක්

ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් පසුගියදා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ සම්මානයක් පිරිනමා තිබේ.

ලෝකයේ රටවල් 40ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගිත්වයෙන් පසුගිය නොවැම්බර් 08 වනදා චීනයේ මැකාවෝහි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම (02) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මත්ද්‍රව්‍යවලට එරෙහි සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම් සමරගේ මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top