“දූෂණයෙන් තොර ගමක්” මැයෙන් සම්මන්ත්‍රණයක් අද කොළඹ දී පැවැත්වේ..

ඇරඹුම සංවිධානය මගින් සංවිධානය කරන “දූෂණයෙන් තොර ගමක්” කතිකාවේ ආරම්භක සම්මන්ත්‍රණය අද (03) දින පස්වරු 3.30ට කොළඹ, ඞී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කතිකාව සඳහා නීතිඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ඇතුළු විද්වත් මඩුල්ලක් සහභාගි වීමට නියමිතය.

මේ අවස්ථාවට ආරාධිත දේශකයින් ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, ප‍්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහභාගි වේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.ඒ. ජයන්ත මහතා, හිටපු අමාත්‍යාංශ ලේකම්, සීමානීර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කි‍්‍රෂාන්ත අබේසේන මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජිනසේන හේවගේ මහතා, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා, හිටපු දිස්ත‍්‍රික් ලේකම් තිල්ලෙයි නඩරාසා මහතා මූලාසන සභාව නියෝජනය කරමින් සහභාගි වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top