සුවසැරිය දෙවන අදියර අද ඇරඹේ – තවත් ගිලන් රථ 209 ක්

දකුණු සහ බස්නාහිර පළාත්වල පමණක් නොමිලේ ක්‍රියාත්මක වූ සුවසැරිය 1990 ගිලන් රථ සේවයේ දෙවන අදියර අද ආරම්භ කරනු ලැබේ. සුවසැරිය දෙවන අදියර යටතේ ගිලන් රථ 209 ක් ලබාගැනීමට නියමිතයි.

ඊට අදාල එකඟතා ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් ලෙස විශේෂ පහසුකම් සහිත ගිලන් රථ 27 ක් ද මහජන සේවයට යෙදවීමට රජය තීරණය කර තිබේ. අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව මෙරටට හිමි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top