එජනිස මංගල රැලිය අනුරපුරයේ, එජාපය මහනුවරින්

ශ්‍රි ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කර පවත්වන මංගල රැලිය ලබන 10 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඉතිහාසයේ කිසිදා නොදුටු මහා ජනගඟක්‌ අනුරාධපුරයට කැඳවා මුල්ම රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

එජාපය මංගල රැලිය මහනුවරින්

එක්‌සත් ජාතික පක්‌ෂය ලබන 18 වැනිදා මහනුවරින් ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන අපේක්‌ෂකයන්, පාක්‌ෂිකයන්ගේ සහභාගිත්වයෙන් එම කටයුතු ආරම්භ කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top