පොහොට්‌ටුවේ මංගල රැලිය අද කඩවතදී

පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන පළමු රැලිය අද (06 වැනිදා). කඩවතදී පැවැත්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය අද සවස 3.00 ට පැවැත්වීමට නියමිතය.

එක්‌ දිස්‌ත්‍රික්‌කයකට ප්‍රධාන රැලි දෙක බැගින් සංවිධානය කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. මේ යටතේ හෙට 07 වැනිදා පුත්තලම සහ 13 වැනිදා ඇහැලියගොඩ යන ප්‍රදේශවල ද රැලි සංවිධානය කර ඇත.

මෙම සියලුම රැස්‌වීම් පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බව ද, ඒකාබද්ධ විපක්‍ෂ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද මේ සඳහා එක්‌වන බව ද එම පෙරමුණ වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top