දක්ෂිණ අධිවේගයේ සිඳුවූ අනතුරකින් 11කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව 95.5 කිලෝ මීටර කණුව ආසන්නයේ (06) අද දහවල් වැන් රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

ගාල්ල සිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටී අනතුර සිදුව ඇතිබව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය සහ අක්මීමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top