බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද ඇරඹේ

බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් බොරැල්ල සිට මරදාන දක්වා අද (10) අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා එය ක්‍රියාත්මකය. බොරැල්ල – මරදාන, අධික රථවාහන තදබදයක් සහිත මාර්ගයකි. මේ නිසා ජනතාව දැඩි අපහසුතාවට ලක්වේ. ඊට විසඳුමක් ලෙස බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන එම මාර්ගයේ ක්‍රියාත්මක කර තිබේ.

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉකුත් වසරේ අගෝස්තු 15 වනදා බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන හඳුන්වා දෙනු ලැබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top