වංචා දූෂණ පිළිබඳ සියළු වාර්තා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුයි – සම්බන්‍ධන්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු යැයි විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඉල්ලා තිබේ.

තවද පසුගිය කාලයේ රටේ සිඳුවූ වංචා හා දූෂණ පිළිබඳව ද පරීක්‍ෂණ පවත්වා සත්‍යතාවය හෙළිකළ යුතු යැයි හෙතෙම පවසා තිබේ. මහ බැංකු බැඳුම්කරය පිළිබඳව ඊයේ දින පාර්ලිමෙන්තුවේදී අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

මෙය රටේ පොදු මුදලක් වන අතර, මෙය රටේ පාර්ලිමෙන්තුව වගකිව යුතු කරුණක් හෙයින් ජනතාව හා පාර්ලිමෙන්තුව මේ සම්බන්‍ධෙයන් තබා ඇති උනන්දුව කිසියම් ආකාරයකින් නොමග යැවීම පිළිගත නොහැකි බවත්, බැඳුම්කර සිද්ධිය පමණක් නොව, බරපතල වංචාර දූෂණ පිළිබඳ ජනාධිපති කොම්ෂන් වාර්තාව ද පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top