විමල් වීරවංශට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනාපත්‍ර භාරදී ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

විමල් වීරවංශ මහතා 2009 වසරේ සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමිකරුව සිටිම සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඔහුට භාරදී තිබේ.

රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හළ විනිසුරුවරයා ලබන මස 19 වැනි දා පෙනී සිටින ලෙස ඔහුට නියම කැරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top