ගම්පහ ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට

ගම්පහ, බටපොත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ. ඔහුව රෝහලේ දැඩි සත්කාරක අංශයට ඇතුලත් කර ඇති බව ද පොලිසිය සදහන් කරයි.

ඊයේ (13) පස්වරු 06.30ට පමණ ප්‍රදේශයේ ඉඩමක පස් කපමින් සිටි පිරිසක් වෙත යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තාවේ. තුවාල ලැබු පුද්ගලයා එම පස් කපන ස්ථානයේ හිමිකරු වන සිද්ධිය සම්බන්‍ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top