අපව මහ පාරට දැමූවන් සිය නිවස්වල තෛපොංගල් සමරනවා

අතුරුදන්වූ අප දරුවන්, ඥාතීන් වෙනුවෙන් වීදි බැස අපි අරගල කරමින් සිටිනවා, අපට මෙතෙක් නිසි විසඳුමක් ලබාදී නැහැ, අපව මහ පාරට ගෙනැවිත් දැමූ පිරිස සිය නිවස්වල තෛපොංගල් සමරන බව කිලිනොච්චියේ දි දින 329ක් තිස්සේ අරගලයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසති.

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට දින 329ක කාලයක් අඛණ්ඩ අරගලයක යෙදී සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද (14) තෛපොංගල් දිනයේ දීද විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටිති.

අතුරුදන්වූ තම ඥාතීන් වෙනුවෙන් වීදි බැස අරගලය කළ ද, අපිව මෙතැනට ගෙනැවිත් දැමූ පිරිස අද තම නිවස්වල තෛපොංගල් උත්සවය සතුටින් සමරනවා, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට රජය බලපෑම් කර විසඳුමක් ලබා දිය යුතු පිරිස ඇස් වහගෙන රජයට සහාය පළ කරමින් සිටිනවා.

රජයට බලපෑමක් එල්ලවන විට නැතිනම් රජයට සහාය අවශ්‍ය වන විට කොන්දේසි විරහිතව සහාය පළ කරමින් සිටිනවා, රට තුළ පමණක් නොව විදේශ රටවලට ගිහින් ද අප නියෝජිතයන් රජයට සහාය එක්රැස් කරමින් සිටිනවා, අපි වෙනුවෙන් කතා කරනු ඇතැයි විශ්වාස කළ නියෝජිතයන් දැන් රජය වෙනුවෙන් වේදිකා නැග කතා කරමින් සිටින බවත්, මෙය සියල්ලට ඔවුන් පිළිතුරු දිය යුතු බවද අතුරුදන්වූවන්ගේ ඥාතීන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top