කොහුවල දී හෙරොයින් සමග සැකකරුවන් හයක් අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවන් හය දෙනෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොහුවල පොලිසියට ලද තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් නිවසක් තුළ සිදු කර ගෙන ගිය මෙම හෙරොයින් ඇසුරුම් කිරීමේ ජවාරම සොයාගෙන ඇති අතර, එහි තිබී හෙරොයින් ග්‍රෑම් හැටපහයි මිලි ග්‍රෑම් පන්සිය අසුදෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කළුබෝවිල හා වැල්ලවත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, ඔවුන්ව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top