කතරගම දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 63 දෙනෙකුට ඇප

කතරගම නගරයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 63 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. පසුගිය සෙනසුරාදා දින රාත්‍රී යතුරුපැදියක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් හටගෙන තිබුණි.

එහිදී පොදු දේපලවලට අලාභ හානි සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top