විදුහල්පතිනිය දණ ගැස්සවීම සම්බන්‍ධයෙන් ඌව මහ ඇමැතිට එරෙහිව විරෝධතාවක්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධිය සම්බන්‍ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරෝධය පළකරමින් අද (22) දින පෙරවරුවේ එම විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ පාගමනක් බදුල්ල නගරය දක්වා පැමිණ තිබේ.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට ළාත් රාජ්‍ය සේවකයන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

මහ ඇමති චාමර සම්පත්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කැමරා ශිල්පී ප්‍ර‍සන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත අතුළු විදුහල්පතිනිය දණ ගැස්සවීම, බලහත්කාරයෙන් ප්‍ර‍කාශ ලබා ගැනීම, අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයෙි නිරතවූහ.

මෙහිදී විරෝධතාකරුවන් ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් ද භාරදිමට නියමිත අතර, අදාළ සිද්ධියට විරෝධය පල කරමින් අද සිට දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top