දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදක්වයි..

පිරිසුදු හරිත මානගරය යන තේමාවෙන් දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදක්වා තිබේ. උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉකුත් උත්සවයදී තමිරසු පක්‍ෂ නායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා විසින් දෙ.ජා.ස. සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදැක්වූ අතර, එය බුලොට් පක්‍ෂ නායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී සිද්ධාර්තන් මහතා විසින් පිළිගැන්විය.

එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ දී යාපනය නගර සංවර්ධනය, මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචිය, කාන්තා ගෘහ මූලික පවුල්වල ජීවන තත්වය නඟා සිටුවීම, මාර්ග සංවර්ධනය, ඇතුළු කරුණු රැසක් ඇතුලත් කර තිබේ.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රි ඊ. සරවණබවන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආර්. ජෙයිසේකරම්, පා. කජීබන්, ඒ. පරම්සෝදි සහ මානගර සභා අපේක්‍ෂකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top