ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදූ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

නිල ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකා තොගයක් තැපැල් ඡන්ද දායකයින්ට බෙදා හරිමින් සිටි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රහස්පතින්දා (25)දිනයේදි ඇය අත්අඩංගුවට ගත් බවයි කිලිනොච්චිය පොලිසිය පැවසීය.

මේවා ඇය විසින් මුද්‍රණය කරන ලද ඒවා බව පැවසේ. මේ අනුව මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කල ස්ථානය පිලිබදව ද පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top