ඉන්ධන මාෆියාව අවසන් කරනවා – අර්ජුන රණතුංග

විවිධ හේතූන් මත පහුගිය දවස්වල ඉන්ධනහල් කිහිපයකට සීල් තැබූ බවත් කුමන බලපෑම් ආවද භූමිතෙල් කලවම් කිරීම ඇතුළුව මේ රටේ ඉන්ධන මාෆියාව හැකි ඉක්මනින්ම නතර කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව නිමාවේ විශේෂ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

කොලොන්නාව නිමාවේ ස්ථාපිත කෙරුණු ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් එම නීරීක්ෂණ චාරිකාව පැවැත්විණ.

මේ වන විට ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන විශේෂ වැටලීම් ප්‍රමාණය වැඩි කර තිබෙන බවත් ඉදිරියේදී සියලු ම ඉන්ධනහල්වලට සි.සී.ටී.වී කැමරා සවි කිරීමටත් බවුසර් නිරීක්ෂණය කිරීමට ජී.පී.එස්. තාක්ෂණය යොදා ගැනීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදහස් කරමින් සිටින බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා, භූමිතෙල් සඳහා රජය ලබා දෙන සහනාධාරය කොල්ලකෑමට තමන් කිසිවකුටත් ඉඩ නොදෙන බවත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top