දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැකි

පළාත් පාලන මැතිවරණය සඳහා වූ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් 28 දා සවස වවුනියාවේදී ප්‍රකාශයට පත් කෙරුණි.

තමිලරසු පක්‍ෂ නායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා විසින් එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා වෙත පිළිගැන්විය.

මෙම අවස්ථාවට තමිලරසු පක්‍ෂයේ ලේකම් කේ. තුරයිරාජාසිංගම්, දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත පක්‍ෂයන් වන දෙමළ ඊළාම් විමුක්ති පක්‍ෂය, ටෙලෝ පක්‍ෂයේ ශ්‍රීකන්දා, බුලොට් පක්‍ෂයේ ඩී. සිද්ධාර්තන්, දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් සහ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගිවූහ.

මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන මැතිවරණ රැළි උතුරු ප්‍රදේශය තුළ ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති අතර එහි පලමු රැස්වීම 27 දා රාත්‍රී කිළිනොච්චියේදී පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top