ත්‍රස්ත මර්දන පනත අහෝසි නොකිරීම ගැන මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව කණගාටුවට

මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව

ත්‍රස්ත මර්ධන පනත අහෝසි නොකිරීම සම්බන්‍ධයෙන් මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව කණගාටුව ප්‍රකාශ කර තිබේ. මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව විසින් නිකුත් කළ වාර්තාවෙහි මේ බව සඳහන් කර තිබේ.

දශක ගණනාවක් පුද්ගලයන්ව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට ත්‍රස්ත මර්ධන පනත භාවිතා කරන බවට පවසා තිබේ.

ඇතැමුන් කිසිඳු චෝදනාවකින් තොරව මාස හා වසර ගණනාවක් තිස්සේ රඳවා තබාගෙන ඇති බවත්, ශ්‍රී ලංකා රජය ත්‍රස්ත මර්ධන පනතා අහෝසි කිරීම සම්බන්‍ධයෙන් බොහෝ අවස්ථාවල කතා කර තිබෙන නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙන්වාදී තිබේ.

මානව හිමිකම් කෙරෙහි රජය සැබවින්ම උනන්දුවක් දක්වන්නේ නම් ත්‍රස්ත මර්ධන පනත අහෝසි කළ යුතු යැයි මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුවේ ආසියානු රටවල් භාර අධ්‍යක්‍ෂක බ්‍රට් අඩම්ස් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top