ධීවරයන්ට භූමිතෙල් සපයා ගැනීමේ ගැටළුවක් නම් දැනුම් දෙන්න – අමාත්‍ය මහින්ද අමරවීර

කිසියම් ප්‍රදේශයක ධීවර ප්‍රජාවට භූමිතෙල් සපයා ගැනීමේ දී ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වන්නේ නම්, තමන්ට හෝ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ප්‍රජාව වෙතින් ඉල්ලා සිටී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර පිරිසක් මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සීමාවකින් තොරව ධීවරයින් සඳහා භූමිතෙල් ලබා දීමට එම බලධාරින් එකගත්වය පළ කරන ඇත. අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත පවතින තත්ත්වය විසඳුමක් ලබාගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top