උතුරට රුපියල් කෝටි දෙකක මාරු කාසි

උතුරු ප්‍රදේශයේ සියළුම බැංකු සදහා පෙබරවාරි මස පලමු වෙනිදා රුපියල් කෝටි දෙකක් වටිනා මාරු කාසි ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහර මුදල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

උතුරු පළාතේ මාරුකාසි වල දැඩි හිගයක් පවතින බවට පළාතේ බැංකු විසින් කරණ ලද දැනුම් දීමකට අනුව රුපියල් කෝටි දෙකක් වටිනා රුපියල් 10,5,2 යන මුදල් වලට අයත් මාරු කාසි ලබාදීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

මේ දිනවල උතුරු පළාතේ පවතින දැඩි මාරු කාසි හිගය නිසා රාජ්‍ය අංශයේ වෙළෙදසැල් වලින්ද පාරිභෝගිකයින්ට මාරු කාසි වෙණුවට ටොෆි,චොක්ලට් හා ගිණිපෙට්ටි ලබා දීම සිදු කරණු ලබන බව සදහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top