අමෙරිකාවේ FBI ආයතනයේ නියොජ්ය අධ්යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විවෙචනයට ලක්වූවකු වෙකි.
මැකේබ් එළඹෙන මාර්තු මාසයේ දී සිය ධුරයෙන් විශ්රාම ගැනීමට නියමිතව සිටි නමුත් සැලසුම්ගත දිනයට පෙර ඔහු එම ධුරයෙන් ඉවත්ව ඇති බව ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස බලකර තිබූ බව ඇතැම් වාර්තා වල දැක්වේ.