වසර 30කට පසු හමුදාව මයිලිඩි ක්‍ෂය රෝග රෝහල නිදහස් කරයි..

පසුගිය වසර 30ක කාලයක් හමුදා නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මයිලිඩි ක්‍ෂය රෝග රෝහල ඊයේ (30) දින නිදහස් කර තිබේ.

පසුගිය වසර 30කට පෙර වලිගාමම් උතුරු ප්‍රදේශයෙන් ජනතාව අවතැන්ව ගිය පසු මයිලිඩි ක්‍ෂය රෝග රෝහල ඇතුළු ප්‍රදේශය ද හමුදා අධි ආරක්‍ෂක කලාපයට ඇතුලත් කරගත් අතර, එහිදී හමුදා නේවාසිකාගාරය පවත්වාගෙන ගොස් තිබුණි.

මෙවැනි තත්වයකදී අක්කර 3ක් පමණ වූ ක්‍ෂය රෝග රෝහල ඇතුලත් එම ප්‍රදේශය ඊයේ දින සවස නිල වශයෙන් නිදහස් කෙරුණි. යාපනය දිස්ත්‍රික්ක අතිරේක දිසාපති (ඉඩම්) එස්. මුරලිදරන් සහ යාපනය භාර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආචාර්‍ය කේ. නන්දකුමාර් යන අය වෙත හමුදාව විසින් එහි ලියකියවිලි භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top