ආවා කල්ලියේ පහකට ඇප – ඉක්‍රාම් තවඳුරටත් රිමාන්ඩ්

ආවා කල්ලිය

කොළඹ සහ වව්නියාව දී අත්අඩංගුවට පත්වූ ආවා කල්ලියට අයත් සාමාජිකයන් යැයි පැවැසෙන ඉක්‍රාම් නැමැත්තා හැර සෙසු පස් දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (2) දින ඇප මත මුදාහැර තිබේ.

යාපනයේ සිඳුවූ කඩු පහරදීම් සිද්ධියට සම්බන්‍ධ යැයි පවසා පොලීසිය විසින් සොයමින් සිටි ඉක්‍රාම් ඇතුළු තිදෙනෙකු පසුගිය නොවැම්බර් මස 28 වනදා කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන් දින දෙකකට පසු වව්නියාව නගරයේදී තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් හය දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය මත පසුගිය නොවැම්බර් 30වනදා සිට මාස දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබුණි.

සැකකරුවන්ව ඊයේ (2) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉක්‍රාම් නැමැත්ත හැර සෙසු සැකකරුවන්ව රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top