දේශපාලන සිරකරුවන්ගේ නඩු යළි වව්නියාව මහාධිකරණයට

සත්‍යග්‍රහයක නිරතවූ දේශපාලන සිරකරුවන්ගේ නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කර තිබේ. වව්නියාව මහාධිකරණයේදී පවත්වාගෙන ගිය මදියරසන් සුලක්‍ෂන්, ගණේෂන් දර්සන් සහ රාසතුරයි තිරුවරුල් යන දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු විභාගය වව්නියාව මහාධිකරණයේ සිට අනුරාධපුරය මහාධිකරණයට යොමු කිරීමට විරුද්ධව ඉකුත් සිරකරුවන් සත්‍යග්‍රහයක නිරතවුහ.

මේ සම්බන්‍ධයෙන් ඉකුත් සිරකරුවන් විසින් පසුගිය සැප්තැම්බර් මස 26 වනදා පෙත්සමක් ඉදිරපත් කර තිබූ අතර, එහි වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කොට තිබුණි. අදාළ පෙත්සම ඊයේ (2) දින පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනසුරු මඩුල්ලක් සළකා බලන ලදී.

එහිදී අනුරාධපුර මහාධිකරණයට යොමු කළ නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top