උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු සූදානම් – සාගල රත්නායක

පසුගිය (04) අලුයම ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් මිග් යානා මූල්‍ය වංචාවට සම්බන්ධ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන ඒම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය අංශ එක්ව කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ නිලධාරීන් ඔහුව මෙරටට ගෙන ඒම සදහා සූදානමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

අනතරුව ඔහුට එරෙහිව නඩු පැවරීමටත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු කිරීමටත් සූදානම් ය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 යානා හතරක් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් උදයංග වීරතුංග මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත එම වරෙන්තු නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top