කුරුණෑගල ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් 25 දෙනෙකුට තුවාල

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මර්ගයේ බඩගමුව, මූකලාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

ලංගම බස් රථයක්, ටිපර් රථයක ගැටීමෙන් ඊයේ(07) රාත්‍රී 10.00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 24 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරූණෑගල සහ පොල්ගොල්ල රෝහල් වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කළේය.

කුරුණෑගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top