පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374ක් – පොලිස් නිලධාරීන් 65753ක්

පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,374දී ඡන්ද විමසීම් කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මේ අතර, පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65753ක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. ඊයේ (7) දින පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම නිලධාරීන් අද (08) දා සිය මැතිවරණ රාජකාරි කටයුතු සඳහා වාර්තා කිරීම සිදුකරන බවත් හෙට 09දා සිට ඔවුන් විසින් සිට රාජකාරි කටයුතු ආරම්භ කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top