උතුරු කොරියාවෙන් දකුණු කොරියානු නායකයාට ආරාධනයක්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් වෙත උතුරු කොරියාවේ සංචාරයකට ආරාධනා කරයි.

මෙම හමුව සිදුවුවහොත් දශක කිහිපයකට පසුව දෙරට් නායක දෙපළ එකට හමුවී සාකච්ඡා කරන ප්‍රථම සමුළුව එය වනු ඇති බව කියැවේ.

මූන් පවසා සිටියේ කොරියාව මෙම යෝජනාව පිළිගන්නා බවත්, එම හමුව සිදුවනු ඇති බවත්ය.

එය ඇමෙරිකාව සමග සංවාදයකට උතුරු කොරියාව කැඳවීමට හොඳ අවස්ථාවක් වනු ඇති බවද දකුණු කොරියානු නායකයා පවසයි.

සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී වීමට පැමිණි කිම් ජොන්ග් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් විසින් තම සහෝදරයා අත් අකුරින් ලියා ලබාදුන් ආරාධනා පත්‍රය දකුණු කොරියානු නායකයා වෙත පිළිගන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top