රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

අගලවත්ත හා අතුරුගිරිය ප්‍රදේශවල දී සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රීයේ දී අගලවත්ත මතුගම මාර්ගයේ ලියනගෙදර හන්දියේ දී පාර හරහා ගමන් කළ පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වයස අවුරුදු 85 ක් පමණ වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර අතුරුගිරිය මාලඹේ මාර්ගයේ බෝපේ ඉන්ධනහල අසල දී අතුරුගිරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී සිඳුවූ අනතුරෙන් වයස අවුරුදු 55 ක් වූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top