පුන්කුඩුතීව් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවකු නිදහස් කළ පොලිස් නිළධාරියාට එරෙහිව පරීක්‍ෂණ

investigation-1 පරීක්‍ෂණපසුගිය 2015 වසරේ යාපනය පුන්කුඩුතීව් පාසල් දැරිය විද්‍යා ඝාතනයට සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස උපදෙස් දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් පතා ඇතැයි වාර්තාවේ.

දැරිය අපයෝජනය කර මරා බව කියන මෙම සැකකරුව ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගස් බැඳ තිබුණු අතර උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ගොස් සැකරකු පොලිසියට ගෙන ආ බවත්, පසුව ඔහුට ගම්වාසීන් පහර දුන් බවට සටහන් කර සැකකරු මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවද පැවැසේ.

සැකකරු මුදා හරිම ගැන ප්‍රදේශවාසීහු විරෝධය පළ කළ අතර අධිකරණයට ද ගල් ගසා සිය විරෝධය පළ කර තිබුණි. පසුව අදාළ සැකකරු වැල්ලවත ප්‍රදේශයේ සිටිය දී පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ සැකකරුව නිදහස් කරන්නැයි උපදෙස් ලබාදුන් පොලිස් නිළධාරියා අත්අඩංගුවට ගෙන විභාග කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top