අද සහ හෙට කැලණිවැලි දුම්රිය සම්පූර්ණයෙන්ම වැසේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (17) සහ හෙට (18) දින දෙක තුළදී සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.

දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ඊයේ (16) රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top