නිරතදිග මෙක්සිකෝවට අද උදෑසන ප්‍රබල භූකම්පනයකින් බලපෑම් එල්ලවුණා. භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 7.2ක් බවයි එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ නිලධාරීන් පවසන්නේ. භූකම්පනයෙන් ඔහාකා ප්‍රාන්තයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා. ඒ අතරින් බහුතරයක් පෞරාණික ගොඩනැගිලි බවයි වාර්තා වන්නේ. ඔහාකා ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා. භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. සුනාමි අවධානමක් ද නොමැති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.