කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ගුලි ගිළ මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු ශ්‍රී ලංකා ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මේ වන විට මීගමුව රෝහලේ රඳවා තබාගෙන වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බව වාර්තාවේ.
බ්‍රසීල ජාතිකයෙකු වන සැකකරු මත්ද්‍රව්‍ය තොගයක් උපත් පාලන කොපු තුළ බහා ගිල දමා බ්‍රසීලයේ සාඕ පාලෝ නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , පසුව කටාර් ගුවන් සේවයේ Q.R.- 664 දරන ගුවන් යානයෙන් ඊයේ (16) දින උදෑසන 9.20 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම බ්‍රසීල ජාතිකයා මත්ද්‍රව්‍ය තොගයක් ගිල දමා පැමිණ සිටින බව අනාවරණය කර ගත් රේගු නිලධාරීන්, වහාම මේ පුද්ගලයා මීගමුව මහ රෝහල වෙත ඇතුලත් කර තිබේ . එහිදී ඔහු විසින් ගිල දමා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු කරල් 45 ක් එළියට ගැනීමට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබේ.