බංගලාදේශයට එරෙහි දෙවන 20-20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමඟ පැවති දෙවන් සහ අවසන් පන්දුවාර 20 තරඟය ලකුණු 75කින් ජය ගන්නට ශ්‍රී ලංකාව ඊයේ (18) සමත් වුණි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව ශ්‍රී කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් අතර නියමිත පන්දු වාර 20 අවසානයේ ශ්‍රී ලංකාව – කඩුලු 4 ක් දැවී ලකුණු 210 ලබා ගත්හ.

ලකුණු 211ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කණ්ඩායම ඕවර 18.4 කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 135ක් පමණි.

මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටද ශ්‍රී ලංකා පිල සමත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top