ඉරානයේ සිඳුවූ ගුවන් අනතුරකින් 66 දෙනෙකු ජීවිතක්‍ෂයට

මධ්‍යම ඉරානයේ ගුවන් යානයක් කදු වැටියක ගැටීමෙන් සිඳුවූ අනතුරෙන් ගුවන් යානයේ පියාසර කරමින් සිටි 66 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ගුවන් යානය අයත් අසෙමාන් ගුවන් සේවාව සදහන් කර තිබේ.

ඉරානයේ නිරිත දිග ප්‍රදේශයේ යසොජ් නගරයේ සිට ටෙහෙරාන් දක්වා පියාසර කරමින් සිටින අතරතුර දී මෙම අනතුර සිදුව තිබුණි.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය නිසා මෙම අනතුර සිඳුව ඇති බවත්, හෙලිකොප්ටර් යානා මගින් සහන කණ්ඩායම් අදාල ස්ථානයට ළඟාවීමට අපහසුතාවයක් පවතින බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top