කොත්මලේ ජලාශයට මෝටර් රථයක් වැටී දෙදෙනෙක් මරුට

කොත්මලේ ජලාශයට ඊයේ(18) සවස මෝටර් රථයක් පෙරළීයාමෙන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබේ.

ලිඳුල – තලවකැලේ මාර්ගයේ බෙයාවිල් ප්‍රදේශය අසල දී නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස කොත්මලේ ජලාශයට පෙරලී ඇත.

ජලාශයට වැටුණු මෝටර් රථයේ සිටි කාන්තාවක(24) හා පිරිමි (35) පුද්ගලයෙකුගේ සිරුරු ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

සිද්ධිය පිළිබද වැඩිදුර පරික්‍ෂණ සිදුකරන ලිඳුල පොලීසිය පැවසුවේ මෝටර් රථය තුළ තිබී කුඩා දරුවෙකුගේ ඇඳුමක් හමුවීම හේතුවෙන් ඒ පිළිබදව ද පරික්‍ෂණ සිදුකරන බවය. මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනා ගම්පහ , නැදුම්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top