අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන අරගලයට අදට වසරක් සම්පූර්ණ වෙයි..

යුද්දය පැවැති කාලයේ දී සහ යුද්දය අවසන් වූ පසු කාලයේ දී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් තම ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උතුර නැගෙනහිර පළාත්වල අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව, පසුගිය පෙබරවාරි මස 20 වනදා කිලිනොච්චිය දී ආරම්භ කළ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සත්‍යග්‍රහයට අදට දින 365ක් අවසන්වී තිබෙන අතර, මෙතෙක් ඔවුන්ට කිසිඳු විසඳුමක් ලැබී නොමැත.

අතුරුදන්වූවන් කියා කිසිවකු රට තුල නැති බවට ජනාධිපති සහ අගමැතිවරයා විසින් ප්‍රකාශ කර ඇති නමුත් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සිය සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටිති.

මේ අතර, ඉදිරියේ දී තම අරගලයේ ස්වරූපය වෙනස් කරගන්නා බවට කිලිනොච්චියෙහි අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top