ඉතාම ඉක්‌මනින් රටට දේශපාලන ස්‌ථාවරභාවයක්‌ අවශ්‍යයි – මහ බැංකු අධිපති

දේශපාලන ස්‌ථාවරභාවය ඇති කර ගැනීම ඉතාම ඉක්‌මනින් රටට අවශ්‍ය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පවසයි. ආර්ථිකයේ තිබෙන ප්‍රගතිය ආරක්‌ෂා කරගැනීමට සහ මීට වඩා හොඳ තත්ත්වයකට ආර්ථිකය පත්කර ගැනීමට දේශපාලන ස්‌ථාවරභාවය අවශ්‍ය බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

විශේෂයෙන් ආර්ථිකය මේ වනවිට ස්‌ථාවර මට්‌ටමට පත්වෙලා තිබෙනවා. එසේම ව්‍යාපාර අංශයේ ප්‍රගතිය ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මේ සියලු දේ තවදුරටත් ඉදිරියට යැමට සහ යථාර්ථයක්‌ බවට පත්වීමට නම් ඉතා ඉක්‌මනින්ම රටට දේශපාලන ස්‌ථාවරභාවය ඇතිකර ගත යුතු බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top