සාවකච්චේරිය ප්‍රදේශයේ දී සරුංගල් යවන්න ගිය සිසුවෙකු ළිඳකට වැටී අවසන් ගමන් යයි..

යාපනය, සාවකච්චේරිය ප්‍රදේශයේ දී සරුංගල් යවමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු ළිඳකට වැටී ජීවිතක්‍ෂයට පත්ව තිබේ. එම ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙයකුමාරන් දීසන් නැමැති සිසුවා මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය ඊයේ (19) දින සවස 5ට පමණ සිඳුව ඇති බව සාවකච්චේරිය පොලීසිය සඳහන් කරයි.

සරුංගලයයේ නුල හකුමින් පසුපසට පැමිණෙද්දී මෙලෙස ළිඳකට වැටී ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවි තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් සාකච්චේරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top