රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත් වී තිබේ.

රෝගී තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද(20) අලුයම අපවත් වී තිබේ. අපවත් වනවිට උන්වහන්සේ 76 වන වියේ පසුවූහ.

අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය සම්බන්ධයෙන් අද දිනය තුළ තීරණය කරන බව පුජ්‍ය අස්සංගනේ ශාසනරතන හිමි සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top