අධිකරණයේ සිට පලා ගිය සැකකරු මාස හයකින් පසු යළි අත්අඩංගුවට

යාපනය අධිකරණයේ සිට බන්‍ධනාගාර ආරක්‍ෂක නිලධාරින්ගෙන් මිදී පලා ගිය අපරාධ රැසකට සම්බන්‍ධ සැකකරුවෙකු මාස හයකට පසු වව්නියාවේදී යළි අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව ඊයේ සඳුදා දින යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්‍ධනාගාරයෙන් පලා යෑමේ වරදට දඞුවම හෙට බදාදා දින ලබා දෙන බවත්, එතෙක් ඔහුය රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

යාපනය, ඌර්කාවට්තුරයි ඇතුළු ප්‍රදේශවල කොල්ලකෑම් සිද්ධීන් රැසකට සම්බන්‍ධ සැකකරුව පසුගිය වසරේ අගෝස්තු මස 10වනදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සැකකරුව තවඳුරටත් රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කිරීමෙන් අනතුරුව ඔහු බන්‍ධනාගාර ආරක්‍ෂක නිලධාරින්ගෙන් මිදී පලා ගොස් තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top