දියතලාවේ පිපිරුම ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

දියතලාවේ කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් නිලධාරි කණ්ඩායමක් විමර්ශනය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඊයේ(21) අලුයම දියතලාව, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල සිට දියතලාව දෙසට ගමන් කළ පුද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් එම බස් රථය ගිනිගැනීමට ලක් විය.

එහිදී යුද හමුදා සෙබළුන් 07 දෙනෙක්, ගුවන් හමුදා සෙබළුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබූ අතර සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සහ නිලධාරි කණ්ඩයමක් විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශනය සිදු කර ඇති අතර, විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂක පොලිස් නිලධාරීන්ගේ සහාය ද පරීක්ෂණ සඳහා ලැබී තිබේ.

මූලික විමර්ශනවලට අදාළව හා සටහන් කර ඇති ප්‍රකාශ අනුව මේ වනවිට අනාවරණය වූ කරුණු අනුව ජීව අත්බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top