පළාත් පාලන සභිකයන්ට පක්‍ෂ මාරුව තහනම්!

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වැනි වගන්තිය යටතේ පක්ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිවන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත්වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන් කර ඇති බවට ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් තිබේ.

එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම් නවතා දැමීමට ප්‍රතිපාදන සලසන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top