මුල්ලිවායිකාල් – වට්ටුවාකල් ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය නිලධාරින්ව ආපසු යවයි..

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවායික්කාල් නැගෙනහිර – වට්ටුවාකල් ප්‍රදේශයේ දී නාවික හමුදාව සඳහා අද දින ඉඩම් අත්පත් කරගැනීමේ කටයුත්තක් සිඳුකරන බවට පසුගියදා ග්ලෝබල් දෙමළ පුවත් සේවය මඟින් අනාවරණය කර තිබුණි. මෙවැනි තත්වයකදී අද දින එහි ඉඩම් මැනීමට ගිය නිලධාරින්ව ප්‍රදේශවාසීන් විසින් පලවා හැර තිබේ.

මේ අතර, නාවික හමුදාවේ ගෝඨාබය කඳවුර පිහිටි ප්‍රදේශය අවට පරන්දන් – මුල්ලතිව් හරස් කොට ජනතාව විසින් කූඩාරම් දමා විරෝධතාවයක නිරතවූහ. මේ හේතුවෙන් එම ප්‍රදේශයෙහි නොසන්සුන් තත්වයක්ද හටගෙන තිබුණි. තම ඉඩම් හමුදාවට හෝ නාවික හමුදාවට කිසිවිටක ලබා නොදෙන බවට එම ජනතාව එහිදී පවසා සිටියෝය.

තවද කඩිනමින් තම ඉඩම් නිදහස් කර තමන්ව එහි නැවත පදිංචි කරන ලෙස ද ජනතාව අවධාරණය කළහ. එහිදී රජයට හා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ජනතාව සිය විරෝධය පළ කර සිටියෝය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top