හදිසි වැටලීමකින් 2564 ක් පොලිස් අත්අඩංගුවට

දිවයින පුරා පැය 04ක් තුළ සිදු කළ පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 2564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (24) අළුයම 02.00 සිට උදෑසන 06.00 දක්වා කාලය තුළ අදාළ මෙහෙයුම සිදු සිදු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 504ක්, වරෙන්තුකරුවන් 120ක්, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 741ක්, නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 524ක්, බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහන කළ පුද්ගලයින් 71 ක් සහ බලපත්‍ර නොමැතිව ගිනි අවි ලඟ තබාගෙන සිටි පුද්ගලයින් 04 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ..

මීට අමතරව අදාළ කාලසීමාව තුළ රථ වාහන සම්බන්ධයෙන් නඩු 4735ක් සටහන්වී ඇති බව පොලීසිය සඳහන් කරයි. සිදුවන අපරාධ වැලැක්වීම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙවැනි මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කරන බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top