අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද ?

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවට පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුව ප්‍රකාශ කළද ඒ සම්බන්ධ මෛත්‍රී – රනිල් ආණ්ඩුවට අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් එය අවස්තා ගණනාවකදී කල් දැමීමට සිදුවූ අතර එම ඇමති මණ්ඩල සංශෝධනය බොහෝ දුරට අද (25) සිදුවනු ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා මැති ඇමතිවරුන් කොළඹට පැමිණ ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට යහපාලන රජය තීරණය කර තිබූ අතර විවිධ හේතු මත එය දින කිහිපයක් කල් දැමුණි.

මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, සාගල රත්නායක, සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන්ගේ වෙනස්කම් සිදුවිය හැකි බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top