දකුණේ ප්‍රාදේශීය සභා 04ක් වෙනුවෙන් අඳහස් හා යෝජනා ඉල්ලයි

අම්බලන්ගොඩ නගර සභාවේ සීමා පුළුල් කිරීම, වැලිගම ප්‍රදේශීය සභාව බෙදා වැලිපිටිය නමින් නව ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කිරීම, කොටපොළ ප්‍රාද්ශීය සභාවේ නම දෙනියාය ප්‍රාදේශීය සභාව ලෙස වෙනස් කිරීම හා බලපිටිය ප්‍රාදේශීය සභාව නගර සභාවක් බවට පත්කිරීමට අදාළ ව එම ප්‍රදේශයන්හි ජනතාවගෙන් හා මහජන සංවිධානවලින් අඳහස් යෝජනා හා විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි.

ඉහත කරුණු පිළිබඳ ව නිර්දේශයන් හා නිගමනයන් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් කමිටුවක් පත් කර ඇති අතර මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස දකුණු පළාත් පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා කටයුතු කරනු ඇත.

ඒ අනුව යෝජනා හා විරෝධතා මාරුතු 22ට පෙර ලිඛිතව දැනුම් දිය යුතු අතර අප්‍රේල් 03දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ඉහත දැක්වූ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද වාචිකව කරුණු ඉදිරිපත් කළ හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top