ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල

2017 – ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මෙම සම්මාන උළෙලේ දී විදුලිය හා යාන්ත්‍රික සේවා, සිවිල් ඉංජිනේරු, හරිත ඉදිකිරීම්, ඉදිකිරීම්, පරිසර හිතකාමී නව්‍යකරණ තාක්ෂණ යන අංශ යටතේ ජාතික සම්මාන හා කුසලතා 32ක් පිරිනැමීමට නියමිතය.

2017 – ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top